Diaspora Diary

Tuesday, December 15, 2015

පැරිස් වලින් පසු කවිය

Image result for paris attacks

ඉතාලි කවියෙකු වන ෆැබ්රිසියෝ ෆ්‍රොසිනි Fabrizio Frosini විසින් සංස්කරණය කරන ලද  කාව්‍ය (English) සංග්‍රහයේ ඊ පොත දෙසැම්බර් මස එලි දැක්වීමට නියමිතය.
මෙම කෘතිය සඳහා මගේ නිර්මාණයක් ද ඇතුලත් වී ඇති අතර එම කෘතිය සඳහා රටවල් 42 කවීන් 64 ඇතුලත් වී ඇත. මගේ නිර්මාණය සඳහා ඩැනියල් බ්‍රික් Daniel Brick: විසින් ලියන ලද විචාරය මෙහි පහතින් අන්තර්ගත කිරීමට කැමැත්තෙමි. 

මෙම ඊ පොත ප්‍රකාශ කර සතියක් පමණ කාලයක් නොමිලේ ඩවුන් ලෝඩ් කර ගැනීමට අවස්ථාව සලසා ඇති බැවින් ඒ සඳහා කැමැත්තක් ඇති සිංහල පාඨක පිරිස් වේ නම් එම අවස්ථාව ලබා ගැනීම පිණිස මෙම සටහන තබමි. එය ඩවුන් ලෝඩ් කරගත හැකි සම්බන්ධතාව පසුව මෙමගින් ලබා දෙමි.

Commentary by Daniel Brick:
The last line of this poem is one of the most wonderful closings I have read: 'A mind may turn to blossom then everywhere'. What hope is promised! What goodness is offered! What joy is celebrated! In the midst of our present darkness, Udaya Tennakoon has cast the brightest ray of light. The poem is written entirely in figurative language. There is no cast of characters - terrorists, victims, witnesses - that derive from news reports or eyewitness. The time frame is not specified, nor is the location. So the narrative events we would normally expect from current events-inspired poetry are not present in this poem. Tennakoon has written an abstract poem, that is, he has eliminated all extraneous narrative or personal detail to hone in on the essential drama of the event. The thunder of the title refers to the terrorist attacks, and the sky unprepared to rain refers to the lack of readiness in the west. A strange darkness descends and seemingly paralyzes people with fear. It is as if the irrational acts of violence has unhinged the speaker's mind. He seeks ‘a tree asylum’ but can neither act nor think clearly. But he has not lost his core values. The external violence of the terrorists somehow cannot touch them. They include diversity, calm and justice. And he is confident that they will prevail and heal this damaged world and its vexed population. The remedy for hatred is the increase of love. And that brings us to the closing line. The prophecy or prediction has been announced as something natural and human and accessible. The land and its people will flourish again.

Udaya R. Tennakoon

Wednesday, November 4, 2015

ශිෂ්‍ය මර්ධනය කුමාර අත්අඩංගුවට ගැනීම: රෙසිප්‍රෝකල් අනෙකාගේ දයලෙක්තිකය- Dialectics of Reciprocal Other

Image result for kumar gunaratnam

පසුගිය දින උද්ඝෝෂණ විරෝධතාවක නිරත ශිෂ්‍ය කණ්ඩායමට පොලිසිය විසින් එල්ල කළ අමානුෂික ම්ලේඡ්ච ප්‍රහාරයත් ඉන් අනතුරුව එහි උණුසුම යන්නටත් මත්තෙන් අත්අඩංගුවට ගන්නා ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙක් වන කුමාර ගුණරත්නම් පිළිබඳ විවිධ අඛ්‍යාන කියවීමට ඇසීමට හා දැකීමට හැකී වී ඇත. එම අඛ්‍යානයන්ගෙන් මතු වෙන අර්ථ දෙස බැලීමේ දී, සත්‍ය යනු කුමක් ද යන්නත් දැනුම යනු කුමක්ද යන්නත්, සාධාරණීයකරණය කුමක් ද යන්නත්, විශ්වාසය කුමක් ද යන්නත් පිළිබඳ ඇතිවන අදහස සංකීරණ කරමින් එහි ප්‍රකාශනය එක් එක් දෘෂිටිවාදයන්ට අනුව ආඛ්‍යාන ගත වීම නොවැලැක්විය හැකි වී ඇත. මේ සඳහා මාධ්‍ය සිය වෙළෙඳ පල අභිලාෂයන් සපුරා ගනු ලබන්නේ බොර දියේ මාළු බෑම වැනි න්‍යායක සිටය.එබැවින් ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද අධ්‍යයනය කළ යුත්තේ ඉතිහාසයට පෙර ඉතිහාඥයයා අධ්‍යයනය කිරීම යන ශික්ෂණයට යටත්වය.
කුමන තත්ත්වයක සිට වුවද ශිෂ්‍යයන් වෙත යොමු කරන ලද හිංසනය පිළිගත නොහැකි හා ඊට එරෙහිවෙමින් සටන් කිරීම සාධාරණ අයිතියක් හා අවැසිකමක් මෙන්ම කුමාර ගුණරත්නම්ව අත්අඩංගුවට ගැනීම ද වාමාංශික අර්ථයෙන් හෙළා දැකිය යුත්තති. ඔහුව අත්අඩංගුවට පත්කිරීම ආගමන විගමන නීතියට අනුව සාධාරණියකරණය කරන්නන්ට පවත්නා නීතය අනුව යම් තර්කයක් ගෙන ආවද එය ගැටලුවක් බවට පත් වන්නේ ඔහුව අත්අඩංගුවට පත්කර ගන්නා කාලය හා අවකාශය නිසාය. එම කාලය හා අවකාශය වනාහී ශිෂ්‍ය උද්ඝෝෂණය හා කුමාරගේ දේශපාලනය අතර සම්බන්ධයක් පෙන්නුම් කරමින් වෙනත් අර්ථයන් මෙම පසු බිම තුල සැඟ වී ඇති නිසාය.
මෙම සිදුවීම් දෙක දෙස රාජ්‍ය පැත්තෙන් බැලීමේ දී රාජ්‍ය පිළිබඳ සම්භාව්‍ය නිර්වචනයන් නැවත නැවතත් ඒ ලෙසම අර්ථ ගැන්වීම සිදු වීම එතරම් පුදුම විය යුත්තක් නොවේ. අලුත් ආණ්ඩුව වේවා පරණ ආණ්ඩුව වේවා සිදු විය යුත්ත මෙය වීම මාක්ස් ලෙනින් ග්‍රාම්ස්චි අල්තුසර් ආදී වාම න්‍යයායන්ගෙන් තහවුරු කරයි. එනම් පොලිසිය, නීතිය රාජ්‍යෙය් මර්ධන උපකරණයක් හා දීෂ්ටිවාදයක් යන ප්‍රවාදයය. මේ නිසා ශිෂ්‍යයන්ට පහර දීම ඉතිහාසය තුල සිදු වූ පළමු වැන්න හා අවසානය නොවීමත්, දේශපාලනමය හේතූන් මතුකරමින් අත්අඩංගුවට ගැනීම් හා සිරගත කරමින් නීති සම්පාදනය වීම ද අවසාන හා පළමු වැන්න ද නොවීම යන කාරණයෙන් ඉහත සිදුවීම් දෙක තේරුම් ගත යුතුය.
ඉහත සිදුවීම් හැඳින්වීමක් ලෙස පාදක කරගනිමින් මෙම ලිපිය ලිවීමට පෙළඹෙන්නේ මා විසින් මේ දිනවල සිදු කෙරෙන වම පිළිබඳ පර්යේෂණයට සම්බන්ධ විෂය තේමාවක් ලෙසිනි. ඒ අනුව රෙසිප්‍රෝකල් අනෙකාගෙ දයලෙක්තිකය යන්න කුමක් දැයි වම සම්බන්ධ කර ගනිමින් ඉතා කෙටියෙන් හැඳින්වීම වැදගත් කොට සලකමි. මෙහිදී වියුක්ත හා සංයුක්ත ලෙසින් ගත් කල ලාංකීය වම මත පිහිටමින් දයලෙක්තිකය තේරුම් ගැනීම හා එය වාමාංශික දේශපාලනය තුල හැඩ ගැසෙන ආකාරයත් ඒතුල රෙසිප්‍රෝකල් අනෙකා විසින් නිර්මාණය වන දයලෙක්තිකය ලාංකීය වමට අදාල වන්නේ හා බල පානු ඇත්තේ කෙසේද යන්නත් අවසානයක් නැති අවසානයක ඇති වාමාංශික ගමන් පථයට ඇති අවකාශය කුමක් ද  යන්නත් පිළිබඳ ඥාණ විභාගය කිරීමය.

රෙසිප්‍රෝකල් අනෙකාගේ දයලෙක්තිකය

ලංකාව තුල ක්‍රියාකාරී වාමාංශික දේශපාලනික සංවිධාන පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයන් ගත් විට ප්‍රමාණාත්මක වශයෙන් බොහෝ ප්‍රමාණයක් පවතින ඉතිහාසයක් අප සතුව ඇත. මේ සියලුම කොටස් එක් ඩොමේන් එකක් ලෙස ගත් කල ඒ තුල රෙසිප්‍රෝකල් අනෙකාය. එනම් එකිනෙකාට අනෙකාය. යම් පමණකට සහයෝගයෙන් වැඩ කරන්නන් සාධනීය අනෙකා වෙද්දී වෙන වෙනම වැඩ කරන්නන් නිෂේධනීය අනෙකා වන්නේය. දෙවැනුව සඳහන් කරන අනෙකා ප්‍රමාණාත්මකව වැඩි වීම විවිධත්වයේ ඒක මිතියට එරෙහි වීම මත දයලෙක්තික සම්බන්ධතාව සංයුක්ත හා වියුක්ත සමාජය වෙත විශ්වාසය හා දැනුම යන කාරණයේ දී විසංයෝජනීය වන්නේය. මෙය මානව සාධාරණය සඳහා සිහින දකින සමාජයකට හානි කරන අතරම එම සමාජයේ රජයට හා තට්ටු මාරු ලෙස ඇති වන ආණ්ඩු වලට ඉදිරියටත් ආරක්ෂාව සහිත විශ්වාසයක් හා සාධාරණියකරණයක් ගෙන දීම ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහිත සිවිල් සමාජයෙන් ද සහයෝගය ලැබෙන්නකි. එවැනි තත්ත්වයක දී ජනතාව යන වියුක්ත සංකල්පය වාමාංශික අර්ථයෙන් අනන්ත වියුක්තයක්ම වන්නට ඉඩ ඇති අතර එසේ නොමැති නම් වමේ වමක් සඳහා ද විකල්පයේ විකල්පයක් සඳහා ද නව සහවාදයක් මෙම දයලෙක්තිකය විසින් ඇති වීමට අවශ්‍ය උවමනාව හා අවකාශය ඇති අතර එයද වියුක්ත තලයේ ම බලාපොරොත්තු සහිත සුන්දර සිහිනයක් වී ඇත.

ශිෂ්‍ය ප්‍රහාරය හා කුමාර වෙත නැවත පැමිණීම

මෙම සිදුවීම් දෙක සඳහා නිෂ්පාදනය වන දැනුම කථිකාමය විශ්ලේෂණයකට ගත් විට ප්‍රධාන ආඛ්‍යාන දෙකක් දැකිය හැකිය.
1.      ජනතා විමුක්ති පෙරමුණ
2.      පෙරටුගාමී සමාජවාදී පක්ෂය
පොදු සාධකයක් ලෙස ශිෂ්‍ය ව්‍යපාරය දේශපාලන බලය සඳහා මෙම දෙක නියෝජනය කරන්නේ කවරහු ද වැඩි බලය ඇත්තේ කා අතද යන්නත්, එය තම  ජනප්‍රියවාදී  අනන්‍යතාව සඳහාත් යොදා ගන්නා විට වාමාශික අර්ථය වෙනුවට ප්‍රතිසංස්කරණ (සම්භාව්‍ය අර්ථයෙන්) සඳහා කරන අරගල හා එහි දේශපාලනයේ අවසාන හා සමකාලීන නිෂ්පාදනය ගැට ගැසෙනුයේ කුමන අරමුණු සඳහා ද හා කුමන දිශාවකටද යන්නත් ගැටලු කාරීය. එය වාමාශික අර්ථයෙන් එකිනෙකාට නැවත සිතීමට පොළඹවනවාට වඩා ශිෂ්‍ය ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ උවමනාව හා බලය මත ඇති වන ප්‍රතිවිරෝධය සතුරුය. මෙම සහෝදර සතුරු බව විසින් ඇති කරන රෙසිප්‍රෝකල් අනෙකා සෑම විටම රාජ්‍යයට වක්‍රව සහය වන්නේ ඔවුන්ගේ අපේක්ෂිත පීඩිත ජනයාගේ වාමාංශික විශ්වාසය තනුක කිරීමෙන්ය.
වාමාශික ව්‍යාපාරයේ ඉතිහාසය තුල අති බැරූරුම් අරගල දෙකක් දකුණෙන්ද තව එකක් උතුරෙන් ද ඇති කරමින් මේ සමස්ථයේම වරෙක වින්දිතයන් ලෙසද වරෙක එහි ප්‍රතිවාදියා ලෙසින් ද යන උරුමය හිමිකර ගත් ජවිපය  පසුව ඇති වන බෙදීම නිසා එක දෙක වීම මෑතක සිදු වුවත් එය ක්ෂුද්‍රව බැලීමේ දී ඇමීභාකරණය වී ඇත. කිසිම විටක අනෙකාගෙන් එකෙක් වීමට ගන්නා උත්සාහයේ දී කිසිවකුට එකෙකු වීමට ජවිපේ උරුමය ඉඩ දේ දැයි යන්න සැක සහිත අනාගතයකි. එසේ වීමට නම් බරලතල ඥාණ විභාගයකට යා යුතු අතර එය දෙස බැලිය යුත්තේ ද වියුක්ත හා සංයුක්ත වම සහ වාමාංශිකයා අනෙකා වුවත් සාධනීය එකිනෙකා බවට පත් වීමෙනි. එසේම යටත් විජිත රාජ්‍යෙය් ඒක කේන්ද්‍රීය දෘෂිටිවාදය විසින් ඇති කර ඇති අනන්‍යතාව සුසමාදර්ශයක් කර ගැනීමෙන්ය. එනම් බහුත්ව අනන්‍යතා සහිත භෞමික දේශපාලනික යථාර්ථයක් තුලය. මෙම ආදේශය රටක් ලෙස ලාංකීය අනෙක් සියලු වාමාංශයට ද සකල දේශවාසී නිර්ධනයිනි යන පාඨයට ද වලංගුය.
මෙම ලිපියේ සඳහන් සම්පිණ්ඩිත සාරංශගත අදහස තවදුරටත් විස්තාරණය කිරීම මගේ පර්යේෂණයට ඇතුලත්ය.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon
   

   

Tuesday, June 16, 2015

වාසනාව අහම්බය නොව්- Luck is not chance - Poem by Emily Dickinson

Image result for Luck is not chance - Poem by Emily Dickinson 





















වාසනාව අහඹුවක නොව
එය අසීරුය
උපයාගත්
වාසනාවේ මිලාධික හසරැල්ලය
මගේම පියාගේ
පරණ විලාසිතාවේ කාසියය
පයින් ගසා ඉවත හළ

එමිලි ඩිකින්සන්- Emily Dickinson

අනුවාදය: උදය ආර්. තෙන්නකෝන් 

Drinking Song- බීමත් ගීතය- by William Butler Yeats


මිදියුෂ මුවටවිත්
ප්‍රේමය ඇසට විත්
එපමණය
අප දන්නේ
සත්‍ය පිණිස
මහළුව මරණයට මත්තෙන්
මගේ මුවට වීදුරුව ඹසවමි
ඔබ දෙස බලා
මම හූල්ලමි.

by William Butler Yeats


අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

Friday, May 29, 2015

හිස් හිත් අවකාශය

 
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  
හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්

හිස් අවකාශය  
අවකාශය හිස්
හිත් අවකාශය
අවකාශය හිත්

හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස්
හිත් නැත හිස්  
හිස් ඇත හිස්
හිත් නැත හිස්
හිස්
ඇත හිස්
හිත්
නැත හිස්  
හිස් ඇත හිස්
හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් අවකාශය  
අවකාශය හිස්
හිත් අවකාශය
අවකාශය හිත්

හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්
හිස් ඇත හිස් හිත් නැත හිස්  හිස් ඇත හිස් හිත් නැත හිස්

හිස් අවකාශය  
අවකාශය හිස්
හිත් අවකාශය
අවකාශය හිත්

උදය ආර්. තෙන්නකෝන්













Wednesday, May 27, 2015

සොඳුරු හීනයක්

සොඳුරු හීනයක්


අඩ නින්ද
සුව නින්ද
වෙනු පිණිස
දුටිමි මහ රැය
සොඳුරු හීනයක්

හෙළි පෙහෙළි කළ
නැවදැළි හේනක
අස්වැද්දුවෙමි
රතු රෝස වගාවක්

ඒ වන ලැහැබ මැද
දඬු වැට බැඳ
මායිම ලකුණු කර
ගසක් උඩ තැනුවෙමි
අටිටාලයක්

රෝස පැළ දළු ලා
කැකුලු පීදී
අමුතුම තාලයක හේනක්
වැඩක් නැති
පලක් නැති
බව කියන හේනක්

එහෙත් ලස්සන
විවිධ දෑ තරට
හිරු එලිය මුසු කර
ආදරය බෙදා දෙන
බව නොතේරෙන
කුතුහලය උතුරන
පෙර නොදුටු හේනක්

වඳුරන් රිලවුන්
දඬු වැටට නගිමින්
කරන විපරම්
අට්ටාලයේ මම
උදෑසන දුටිමි

ඌරන් මීයන්
ඉත්තෑ කබල්ලෑවන් අතර
හූ කියන නරියන්
නිදන රෝස සුවඳට
ඉව කරති සඳ එළියට

සතුට ඉහවහ ගිය
සමනල මී මැසි
ඉගිල එන කුරුල්ලන්
ලැගුම් ගෙන නිදහසින්

අලියෙකුට පාගා තලන්නට
වඳුරෙකුට බරු ගසා කන්නට
ලං උනොත් කළ ‍නොහැකි
කටු අතු මත පිපුණු
සුවඳට වසඟ වුණු
කැලෑවේ හේනක්

කඩා ගෙන මලක්
පඹයාට දුනිමි මම
කඩාගෙන මල්
ඒ දෙස බලා උන්
වඳුරන්ට දුනිමි මම

කන්නට නොවුනත්
සුවඳට හැඟුම්විත්
වඳුරන් ද පෙරළා
දිගු කළාහුය එ මල
සිය අසල් වැසියාට

දැනුන බව ඔවුනොවුනට
දැනුනෙමි බලා උන් මට
බැස අට්ටාලයෙන් පහළට
මුදා හැර මම ගියෙමි දඬු වැට

උදය ආර්. තෙන්නකෝන්




Thursday, May 21, 2015

විතියා දුවේ විතියා ඔබේ

 

නපුරු බියකරු තිරිසනුන් වෙද
එලොව මෙලොවේ  භූතයින් වෙද
මලක් පොඩිකර තලා පණ බිඳ  
ලොවක් නැත  මෙතරම් සසළ හද  

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

යුධයකින් පසු අස්වැන්න  ලැබුනා
මිනිස්කම් මළ හිත් හැඟුම් පිරුනා
කුරිරුකම් කුර ගගා බිම සරනා
මල් කැකුළු පෙති මිළින වී වැටුනා

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

ඉම කොනක් නැති අනන්තයදෝ
නිදහසක් නැති තුන් බියක් දෝ
කරටි ගිලිහුණු තල් අරඹ දෝ
උතුරු හදවත කඳුළු කොහෙදෝ

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

උදය ආර්. තෙන්නකෝන්