Diaspora Diary

Showing posts with label වර්ග සංහාරය. Show all posts
Showing posts with label වර්ග සංහාරය. Show all posts

Sunday, May 18, 2014

පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය


පශ්චාත් යුද අවධිය

වර්ෂ 2009 මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ පශ්චාත් යුධ අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික ගැටලුවේ  ප්‍රමුක පාර්ශවය වූ (එල්ටීටීඊ) දෙමළ විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන්, ලංකා රාජ්‍යෙය් නිල හමුදාව විසින් පරාජයට පත්කොට විනාශකර දැමීමය. ඉන් අනතුරුව උදා වූ කාලය පශ්චාත් යුද කාලය ලෙස හැඳින්වීම සිදු වන්නේ යුද්ධයෙන් පසුව වුවද ප්‍රශ්නයට නිසි පිළියමක් නොමැති වීම යන  කාරණය නිසාය. එනිසා 2009 මැයි මාසයෙන් පසුව ගෙවුණු හා ගෙවී යන කාලයට වසරින් වසර එකතු වෙමින් මෙම කාලය පළල්වීම සිදු වීමයි. මෙම ගමනේ දී, ඊට ඇති අර්ථකතනයන්ගේ හැඩය ද වෙනස් වෙන්නට පටන් ගෙන ඇත. එබැවින්  පශ්චාත් යුද තත්ත්වය තේරුම් ගන්නේ කෙසේද යන්න දේශපාලනයටත්, සමස්ථ සමාජයටත් අඩු වැඩි වශයෙන් වැදගත් වේ.