Diaspora Diary

Wednesday, July 24, 2013

වමේ පටු හදවතට පුළුල් පථයක් අවැසිය

Image

ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා ගැනීමට යෑමේ දී ඇතිවන ගැටුම, විඝඨනය හා විරුද්ධාභාෂයන් අතර ඇති සහසම්බන්ධයන් හා ප්‍රතිවිරෝධයන් අඩසිය වසකට වඩා අධික කාලය තුල දී  අප අත්දැක ඇත්තෙමු.  දකුණ සහ උතුර වෙනුවට දකුණ සහ වම යන්නෙහි අර්ථයත්, ඉතිහාසයත්, ලාංකීය භාවිතාවත් පිළිබඳ  ඇති උභතෝකෝටිකය විසින් මෙකී ප්‍රශ්නය සංකීර්ණ කර ඇත. එසේම එය මානව ප්‍රගතිශිලී දේශපාලනයේ ඓතිහාසික යුතුකම පැහැර හැරීමට ක්‍රියාකරමින් සිටී. මෙම තත්වය අනාගතය සඳහා ද විනාශයක්ම යෝජනා කරන බැවින් වම දකුණ පිළිබඳ වෙනස හා දාර්ශනික සන්දර්භය සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාව වන්නේය.

Saturday, July 6, 2013

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

Image

 


පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින් වර මෙම භුතයන් එලියට ගනිමින් ශාන්තිකර්මවල නියැලෙන යැකැදුරන් ලංකාව තුල දැකිය හැකිය. මෙම සම්ප්‍රදාය අඩුවැඩි වශයෙන් නිදහසින් පසු කාලය තුල විවිධ ප්‍රමාණයෙන් පැමිණිය ද වෙළෙඳ භාණ්ඩයක් ලෙස අලෙවිකිරීමේ සම්ප්‍රදායට මුල පිරීම ඇරඹියේ ජවිපේ හා සන්ධානය කාලය තුල දීය. කොටි භූතයන්, එන්ජීඕ භූතයන් වාම කොටි භූතයන් හා සිංහල කොටි භූතයන් වශයෙන් සමාජ වෙළෙඳ පලට පැමිණි මෙම සංකල්පිය භාණ්ඩයට විශාල වශයෙන් ඉල්ලුමක් පැවැතිණි. එම ඉල්ලුම ඇතිකිරීමට මුළු මහත් ලාංකීය සමාජ දේශපාලනය බලපෑමි කළේ වුවද ඉන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂට සහා ඊට සහයදුන් පාර්ශවයන්ට හැකි විය. ඒ ඉතිහාසයේ අවසානය යන ප්‍රවාදය ලංකාව තුල අවිඥාණිකව ඇති කරමිනි. එනම් එල්ටීටීඊය සමඟ පැවැති යුද්ධයෙන් ලබාගත් ජයග්‍රහනයෙනි. දැන් කාලය ටිකක් ගත වී ඇත. ඒ අතර බොහෝ දේවල් සිදු වී ඇත. නිෂ්පාදනය කරන ලද භූතයන් තවමත් වෙළෙඳ ගබඩාවන් තුල ඇත. ලාභය පිණිස වරින් වර මෙම භූතයන් වෙළෙඳ පළට නිකුත් කරන අතර ඊට විවිධ මට්මමේ ලේබල් අලවමින් මිල කරනු ඇත.

Monday, July 1, 2013

යටත් විජිත අඳුර සහ ආලෝකයෙහි නලීන්ගේ හිරගතවීම- උදය ආර්. තෙන්නකෝන්


2 කොටස

‘‘ඇත්ත වශයෙන්ම යුරෝපය යනු තුන්වැනි ලෝකයේ නිර්මාණයකි,,(ෆ්‍රාන්ස් ෆැනොන්)
නිදහසින් පසු එනම් පශ්චාත් සහ පාර පශ්චාත් යටත් විජිත කාලය ලෙසින් හඳුන්වන කාල පරාසයන් තුල සිටගෙන සිටින නලීන් ද සිල්වාගේ මතවාදි දර්ශනයට හේතුභූත වන ප්‍රධානම හේතුකාරක බලපෑම වන්නේ ලංකාව යටත් විජිත කොලනියක් වීම හා ඒ මත බටහිර මතවාදයන් රෝපණය වීමය. 1505- 1948 දක්වා වසර  443 කාලය පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් යටතේ දී විනාශයට පත්වෙමින් කඩතොලු වූ ඉතිහාස මාර්ගය සිංහල බෞද්ධ ජාතිකවාදයේ සැත්කමකින් ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ දර්ශනයේ පරම අභිලාසයයි. සියවස් හතරකට වඩා වැඩි මේ මහා අඳුර තුල ගිල්වා ඇති සිංහල ජාතිය, බටහිර යුදෙව් ක්‍රිස්තියානිකරණයෙන් හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයයේ අවතාර විසින් ප්‍රපාතයක් වෙත තල්ලුකර තිබීම හේතුවෙන් සිංහල බෞද්ධ සමාජය යලි ගොඩගැනීම ඔහුගේ මතවාදී අරගලයේ කේන්ද්‍රීය කාරණය වේ. යටත් විජිතවාදය තම මතවාදී ප්‍රවාදයේ ප්‍රධාන පදනම වන විට එහි ප්‍රතිවාදය වී ඇත්තේ පශ්චාත් යටත් විජිත යුගයේ හා පාර පශ්චාත් යටත් විජිත තත්ත්වයේ සිය දහස් අපෝහකයන්ය.